Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2018 08:05:34 Hours

මනුසත් දෙරණ බහුකාර්ය ප්‍රජාසත්කාර වැඩසටහන කණ්ඩාවලෙයි හිදී

ටීවී දෙරණ මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරනු ලබන සහනාධාර සැපයීමේ බහුකාර්ය ප්‍රජාසත්කාරක වැඩසටහනක් වන ‘මනුසත් දෙරණ ප්‍රජාසත්කාර වැඩසටහන කණ්ඩාවලෛ’ සෙනසුරාදා (08) දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි උලවනුර් තම්පිරාස විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මෙම වැඩසටහනේ දී 950 දෙනෙකු සඳහා වකුගඩු රෝගය හඳුනාගැනීමේ සායනයක්, 350 දෙනෙකු සඳහා ඇස් පරීක්‍ෂා කර ඇස් කණ්නාඩි ලබාදීම, විදුලිය නොමැති නිවෙස් සඳහා කුඩා සූර්ය බල පද්ධති 15 ක් ලබාදීම සහ ගැබිණි මව්වරුන් 50 ක් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම, ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්‍ෂ 18 ක පමණ වැය කරමින් ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කිරීම මෙන්ම පාසල් ළමුන් 37 දෙනෙකු සඳහා පාසල් උපකරණ හා පාසල් නිල ඇදුම් බෙදාදීම සිදු කෙරිණි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ පූර්ණ සහයෝගය ඇතිව කිලිනොච්චි දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශයේ ජනතාවට පහසුකම් සැපයීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ දී කිල්ස් පුද්ගලික සමාගමේ රැකියා අවස්ථා ලබදීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් හට සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ අතර ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කළහ. Best Authentic Sneakers | Zapatillas de running Nike - Mujer