Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2018 20:45:29 Hours

මධ්‍යම භට පිරිස් හදිසි ආපදා පෙරහුරු වැඩසටහනක

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 115 දෙනෙකු රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය, ආපදා කළමනාකරණ නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නොවන ආයතනයන්හි නිලධාරීන්ගේ සහයෝගය ඇතිව හදිසි නායයෑම් වලට ලක්වන හාලිඇල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රදේශයන්හි ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙර දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (04) දින පවත්වනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ යෝජනාවකට අනුව හදිසි ආපදා තත්ත්වයකදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙර පුහුණු කිරීමේ මෙම වැඩසටහන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ බලධාරීන් විසින් සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය හිමිවිය. short url link | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today