Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මධ්‍යම ආරක්‍ෂක සේනාවේ යුද්ධ හමුදා සමාජිකයින් සිය ගනනකට අධික පිරිසක් නල්ලතන්නිය ප්‍රදේශයේ පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානයේ නිළධාරීන් 12 දෙනෙකුන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 262 නෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් සිකුරාදා (29) දින ශ්‍රී පාදස්ථානයට ගමන් කිරිමට ඇති නල්ලතන්නි පාර දෙපස පරිසරය දූෂණය වන අයුරින් ඉවතලා තිබු කසළ ගොඩවල් ඉවත් කිරිම සඳහා ශ්‍රමදානමය ව්‍යාපෘතියක් දියත් කරන ලදි.

මෙම දිනවල ශ්‍රී පාදස්ථාන පූජා භූමි වෙත වන්දනා මාන කිරිමට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන් විසින් පොලිතින්, ප්ලාස්ටික් බෝතල් හා විවිධාකාරයෙන් පරිසරයට තර්ජනයක් ඇතිවන අපද්‍රව්‍ය බැහැර කරමින් සිටි. පවතින වියලි කාලගුණය නිසා උද්ගතවූ මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ මිනිසුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ලව තිබු මොහොතක මෙම කාරනාව පිළිබඳ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හට දැනුවත් කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් සමඟ පිරිසිදු කිරීමේ වැඩසටහනකක් ක්ෂණිකව දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමත් සමඟ මස්කෙළිය ප්‍රදේශීය සභාවේ සේවකයින් මෙන්ම නල්ලතන්නිය හා මස්කෙළිය පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් පිරිසක්ද යුද්ධ හමුදා නිලධාරීන් සමඟ මෙම සත් ක්‍රියාව සිදු කිරිම සඳහා අත්වැල් බැඳගත්හ.

මෙහිදි වන්දනාවේ නිරතවෙමින් සිටි පිරිස් මෙන්ම ආපසු පැමිණෙන වන්දනාකරුවන් සහ මහජනතාව මෙම උතුම් කටයුත්ත සිදුකරමින් සිටි යුද්ධ හමුදා සාමාජිකයින් හට තම ප්‍රශංසාව පුදකළහ.buy shoes | GOLF NIKE SHOES