Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2016 14:14:37 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් සඳහා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නව නේවාසික ගොඩනැගිල්ල සඳහා පසුගිය සිකුරාදා (06) දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසෙඩ් වික්‍ර‍මරත්න විසින් මුල්ගල තබන ලදි. මෙහිදි ශ්‍රී බෝධිමලුව විහාරස්ථානයේ පූජ්‍ය දඹවින්නේ රත්නසාර හිමියන් විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා ආශිර්වාද පැතීම සිදුකෙරිනි. 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.එන්.ජේ. පෙරේරාගේ පූර්ණ අධික්ෂණය මත මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකරනු ලැබේ. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.bridge media | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival