Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2017 22:00:34 Hours

භට පිරිස් සහ සිවිල් වැසියන් එක්ව ප්‍රජා සේවා වැඩසටහන්වල

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 බලසේනාවේ භට පිරිස් අප්‍රේල් මස 20 දින සිට 25 දින දක්වා කාලය තුල ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව ප්‍රජා වැඩසටහන් කිහිපයකට එක් වුහ.

7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 16 වන ( ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් නිලධාරියකු ඇතුළුව සෙසුනිලයින් 50 දෙනෙකු පමණ වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් කනගපුරම් මහා විද්‍යාලයීය පරිශ්‍රය සහ පුල්ලේයාර් කෝවිල් පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක නිරත විය.

එමෙන්ම භට පිරිස් සහ සිවිල් වැසියන් එක්ව අරවියල් නගර් - කිලිනොච්චි එස්.කේ වැඩිහිටි නිවාසය තෙක් මාර්ගය දෙපස අලුත්වැඩියා කිරිම ද මෙහිදි සිදු කරනු ලැබුහ.

දින 5 ක් පුරා පැවති මෙම ව්‍යාපෘතීන් සඳහා 25 ත් 50 ත් අතර සිවිල් වැසියන් කණ්ඩායමක් යුද හමුදා සාමාජිකයින් සමඟ එක්ව කිලිනොච්චි සිවිල් වැසියන් වෙනුවෙන් මෙම සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබිය.

තවද, 571 බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

url clone | 『アディダス』に分類された記事一覧