Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2018 23:02:55 Hours

භට පිරිස් ත්‍රිකුණාමලය අන්තර් පාසල් බටහිර තුර්යවාදක තරඟාවලිය සඳහා සහයෝගය ලබාදේ

පාසල් සිසුන් විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදිමේ වැදගත්කම පිළිබඳව මෙන්ම බටහිර සංගීතය තුලින් කුසලතා වර්ධනය කිරිමේ හා ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශණය කිරිමේ අරමුණින් යුතුව නැගෙනහිර ආරක්‍ෂක ‍සේනා මුලස්ථානය යටතේ වන 22 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය හා එක්ව සංවිධානය කරන ලද අන්තර් පාසල් බටහිර තුර්ය වාදක තරඟාවලිය සෙනසුරාදා (10) දින ශාන්ත ජෝශප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ගෞරවණිය ආරාධිත අමුත්තා වශයෙන් ත්‍රිකුණාමලය අගරදගුරු ආචාර්ය නොඑල් එම්මානුවෙල් පියතුමන් ද ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ අනෙකුත් ආරාධිත අමුත්තන් සහභාගි වු අතර ශාන්ත ජෝශප් විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙම තරඟාවලිය සඳහා ආකර්ෂණිය සහ වර්ණවත් ඇඳුමින් සැරසුණු 500 කට අධික සිසුන් පිරිසක් සහභාගි වු අතර ඔවුන් තම තුර්ය වාදක භාණ්ඩ වයමින් විවිධ වු සංගීත නාද රටා වා තලයට මුසු කරමින් නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා හඩ මධ්‍යයේ සිය දක්ෂතාවයන් ප්‍රදර්ශණය කලහ.

අන්තර් පාසල් තුර්ය වාදක තරඟයෙන් අනතුරුව හොඳම තුර්ය වාදක කණ්ඩායම් සඳහා කුසලාන සහ සහතික පත් ප්‍රධානෝත්සවය ආරම්භ වු අතර ශාන්ත ජෝශප් විද්‍යාලය ප්‍රථම ස්ථානය ද හින්දු විද්‍යාලය සහ ශාන්ත මරියා විද්‍යාලය පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථානයන් හිමි කරගන්නා ලදී. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාසල් සිසුන් අමතමින් ඔවුන්ගේ දක්‍ෂතාවයන් ඇගයිමට ලක් කරන ලදී.

මෙහිදි ගජබා රෙජිමේන්තු තුර්ය වාදක කණ්ඩායම විසින් අලංකාර තුර්ය වාදක සංදර්ශණයක් මෙන්ම කොමාන්ඩෝ රෙජිමේන්තු භඨ පිරිස් විසින් සුනඛ සංදර්ශණයක් ද පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා 221 වන ‍බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පි.එස් ප්‍රේමලාල්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එන්. විජේන්ද්‍රන් මහතා, ටෝකියෝ සිමෙන්ති සමුහ ආයතනයේ සාමාන්‍යාධිකාරි ඊ. කුගප්‍රියා මහතා, ත්‍රිකුණාමලය මහජන බැංකුවේ කලාප කළමණාකාර ආර්. රවිකාවන්, සෙලින්කෝ ජිවිත රක්‍ෂණ ආයතනයේ සාමාන්‍යාධිකාරි ආර්. රංගනාදන් මහතා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Sneakers Store | Gifts for Runners