Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2016 14:42:16 Hours

භට කාර්ය සම්පාදක අණසක මුලස්ථානය 36 වන සංවත්සරය සමරයි

භට කාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ 36 වන සංවත්සරය වෙනුවෙන් එම මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඩබ්. එඩිමා සහ බ්‍රිගේඩියර් (භකාස) බ්‍රිගේඩියර් ඩි.සී.ජේ.ඩබ්. ජයසේකරගේ මගපෙන්වීම යටතේ ජනවාරි 01 සහ 02 යන දිනයන්හි වැඩසටහන් කිහිපයක් කොස්ගම එම මූලස්ථානයේ දී සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන යටතේ පළමු අදියර ලෙස මේජර් ජෙනරාල් එඩිමා වෙත සම්මාන මුරයක් පිරිනැමිම සිදු කෙරිනි. ඉන් පසු නව වසරේ පළමු වැඩ කරන දිනයේ දී ජාතික ධජය එසවීම, යුද හමුදාපතිතුමාගේ නව අවුරුදු පණිවිඩය කියවීම සහ සෙබලුන් ඇමතීම සිදුවිය. එසේම මූලස්ථානය පරිශ්‍රයේ දී පැළයක් ද රෝපණය කිරීම ද සිදු කරන ලදී. තවද එදිනම මේජර් ජෙනරාල් එඩිමා විසින් ප්‍ර‍තිසංස්කරණය කරන ලද සෙසු නිල භට නිවාසය ද විවෘත කරන ලදි. එසේම සංවත්සර වැඩසටහන වෙනුවෙන් බොරලුගොඩ විහාරයේ දී දානමය පිංකමක් පැවැත් වූ අතර, අලුත් අම්බලම ළමා නිවාසයේ නේවාසික දරුවන් වෙත දිවා ආහාරය ද ලබාදීමට කටයුතු කලහ. අවසානයේ මෙම පාසල් මූලස්ථාන පරිශ්‍ර‍යේ දී පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් ද පැවැත්විනි. මෙම සංවත්සර වැඩසටහන වර්ණවත් කරමින් ජනවාරි 02 වන දින සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රාහයක් ද සංගීත සැදැවක් ද පැවැත්විය. මේ සඳහා භට කාර්ය සම්පාදක මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.bridgemedia | Jordan Ανδρικά • Summer SALE έως -50%