Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2018 11:43:15 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ලේ පරිත්‍යාග කරයි

ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ (Ministry of National Coexistence, Dialogue and Official Languages)ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (National Institute of Language Education and Training) විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිකුරාදා (08) දින පන්නිපිටිය, මාකුඹුර ප්‍රදේශයේ පිහිටි එම පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

‘ජාතිය කුමක් වූවත් - රුධිරය එක වේ’ ව්‍යාපෘතිය සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු 25 කට අධික භට පිරිසක් යොදවමින් සහයෝගය දක්වන ලදී.

එම වැඩසටහන සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 142 වන බලසේනාවේ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් සහභාගි විය.

trace affiliate link | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival