Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2015 23:06:20 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති යුද හමුදාව නියෝජනය කරමින් රන් වැට නිරාවරණය කරයි

රත්නපුර ගෝනකුඹුර ශ්‍රී විමලකීර්තියාරාමයේ බෝධියෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ රන් වැට සිකුරාදා (13) දින නිරාවරණය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී විමලකීර්තියාරාමයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කැළණිය කාශ්‍යප හිමියන්ගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂානත් ද සිල්වා වෙනුවට බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා මැලේසියාව, තායිවානය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව යන රටවල් නියෝජනය කරමින් බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ. Asics shoes | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp