Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2018 16:12:27 Hours

පොළොන්නරුව ළමා සහ වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සඳහා විනෝදාත්මක වැඩසටහනක්

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 15 වන සංවත්සරයට සමගාමීව 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබලියන් අඟහරුවාදා (23) දින පොළොන්නරුවේ පිහිටි පුලතිසිපුර පැරකුම් ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසික ළමුන් සහ වැඩිහිටියන් සඳහා විනෝදාත්මක වැඩසටහනක් පවත්වනු ලැබීය.

එහිදි මින්නේරිය මූලික රෝහලේ මනෝවිද්‍යා උපදේශක ලුතිනන් ඩි.ඩි.ආර්.ටී. කරුණාසේන විසින් නේවාසික ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ මානසික තත්ත්වය පිළිබඳ සොයාබලනු ලැබීය.

මෙම වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව පැරකුම් ළමා හා වැඩිහිටි නිවාසයේ අනුශාසක පූජ්‍ය කඳුරුවෙල ධර්මපාල ස්වාමින් වහන්සේ විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල වෙත සිය ස්තුතිය පුද කළහ.

මෙම වැඩසටහන සාර්ථකව දියත් කිරීම සඳහා 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් ශ්‍රීමාලි ප්‍රනාන්දු ඇතුළු අනෙකුත් කාන්තා සාමාජිකයින්ගේ සහයෝගය ලබාදෙනු ලැබීය. එම වැඩසටහනේ දී ළමුන්ට සහ වැඩිහිටියන්ට රාත්‍රි ආහාරවේලක් ලබාදුන් අතර කැලිෆ්සෝ සංගීතයෙන් ඔවුන් විනෝදස්වාදයට පත් කළහ.

එදින සන්ධ්‍යාවේ ළමුන් සහ වැඩහිටියන් විසින් නර්ථන අංගයන් ද ඉදිරිපත් කරනු ලැබීය. තවද, මෙම වැඩසටහනේ දී රූපවාහිනියක්, බෙන්ඩරයක්, හීටරයක්, ඇඳුම්, ප්‍රථමාධාර පෙට්ටියක් සහ තෑගි පාර්සල් තොගයක් ළමුන් සහ වැඩිහිටියන් අතර බෙදාදෙනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් මිචෙල් වන්නිආරච්චි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.latest jordans | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp