Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2018 16:47:35 Hours

පොලිසියේ සහායට යුද්ධ හමුදා සාමාජිකයින් සුදානමින්

පොලිසියේ ඉල්ලීමකට අනුව තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයේ සඳුදා (05) දින සන්ධ්‍යාවේ ඇති වූ කලබලකාරි තත්ත්වය මැඩපැවත්වීම සඳහා පොලිසියේ සහායට යුද්ධ හමුදා සාමාජිකයින් 200 ක් පමණ සීරුවෙන් තබා ඇත.

දෙපිරිසක් අතර ඇතිවූ කලහකාරී ගැටුමකදි සිදුවු මරණයක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය එම අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු කෙරෙන දින ඇති විය.

පොලිසිය විසින් කරන ලද ඉල්ලිමට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 200 ක් පමණ පිරිසක් එම ප්‍රදේශයේ යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා සීරුවෙන් තබා ඇත. නුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අඟහරුවාදා (06) දින උදෑසන 0600 දක්වා ඇදිරි නීතිය ද ක්‍රියාත්මකය.

Running sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov