Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2018 16:02:21 Hours

පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ විශේෂ දුත පිරිසක් යුද්ධ හමුදා බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කාර්ය සඳහා සහාය වන බව තහවුරු කරයි

අතිගරු ජනාධිපතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) අද (6) දින උදෑසන යාපනය, මුහුමලේ බිම්බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ නව උපකරණ සහ බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන් (MDDs) මිලදීගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහ.

තෙමසක කාලයකට ඉහතදි 'Ottawa Treaty' නමින් හඳුන්වන පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ (Anti-personnel Mine Ban Convention) 163 වන රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සාමාජිකත්වය ලැබු අතර එම සම්මුතියේ විශේෂ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණිම ඉතා වැදගත් අවස්ථාවක් දැක්විය හැකිය.

මෙම විශේෂ නියෝජිත පිරිසේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) සමගින් අතිගරු ජනාධිපතිතුමන් නියෝජනය කරමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ගරු ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා, විශේෂ නියෝජිත පිරිසේ ක්‍රියාවට නැංවීමේ සහාය ඒකකයේ අධ්‍යක්ෂ ජුවාන් කාලෝස් රුඅන් මහතා (Mr Juan Carlos Ruan), ක්‍රියාවට නැංවීමේ සහාය ඒකකයේ ලෙයිලා රොද්‍රිගෟස් මහත්මිය (Ms Laila Rodriguez), බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු (ආචාර්ය) පොන්නෛයා සුරේෂ් මහතා, රාජ්‍ය තාන්ත්‍රිකයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්, විදේශ නිලධාරීන්, බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානි කේ.ජී.එම්.බී වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේන් බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ නියෝජිත විද්‍යා අබේගුණවර්ධන මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ගිහාන් ඉන්ද්‍රගුප්ත මහතා (Mr Gihan Indraguptha) ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු මෙම සංචාරයට එක්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) විසින් ඉතා සංවිධානාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කල සංචාරයේ නිරතව සිටින සෙයිඩ් අල්හුසෙන් මහතා යුද්ධ හමුදාවට සිය ස්තුතිය පුද කල අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නියෝජනය කරමින් මෙම අවස්ථාවට පැමිණ සිටි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න වෙත සිය ප්‍රසංශාව පල කළහ.

බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අදියරෙන් අදියර නිරීක්ෂණය කල එතුමන් වසර හයකට වඩා පැරණි බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍රෝපකරණ මිළදිගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත අනාගතයේ දී ලබාදෙන බවට ප්‍රකාශ කළහ.

මෙම විශේෂ නියෝජිත පිරිසේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් සිදු කරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය පිළිබඳව සතුට පල කල අතර ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන බවටත් මෙහිදි අවධාරණය කළහ.

මෙම අවස්ථාවට සපැමිණි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) සහ අමාත්‍යතුමන්ව යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් පිළිගත් අතර 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මුහුමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම් සිදු කරනු ලබන ක්ෂේත්‍රයන් හි 77% ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) විසින් ඉවත් කර ඇති බව ඉදිරිපත් කිරීමක් මගින් ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති අමිත් සෙනෙවිරත්න විසින් සංචාරක නියෝජිත පිරිස දැනුවත් කළහ.

මුහුමාලේ සහ ඉන්ද්‍රපුරම් ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරනු ලබන අයුරු ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනවන SHARP, DASH, HALO නිරික්ෂණයට ලක් කල අතර සංචාරක මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) අද (06) දින සන්ධ්‍යාවේ කොළඹට පැමිණිමට පෙර යාපනය දිස්ත්‍රික් ලේකම්තුමා සහ යාපනය ප්‍රදේශයේ බිම්බෝම්බ වලින් අනතුරුට පත් පිරිසක් සමඟද සාකච්ඡා කළහ. තෙදින සංචාරය අතරතුර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරුන්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ඉහල නිලධාරින් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

2017 දෙසැම්බර් මස 31 දිනට, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මන්නාරම, ත්‍රිකුණාමලය, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි වර්ග කිලෝමිටර 1,223.36 ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රිකය සම්පුර්ණයෙන්ම බිම්බොම්බ ඉවත් කිරීමට 2017 වර්ෂයේ දී සමත් විය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලදී පුද්ගල නාශක බෝම්බ 735,444 ක්, යුද්ධ ටැංකි නාශක බෝම්බ 2073 ක්, පුපුරන ද්‍රව්‍ය 556,385 ක් 2017 වර්ෂය වන විට සොයාගෙන ඇති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) Delvon Association for Social Harmony (DASH), Skavita Humanitarian Assistance and Relief Project (SHARP), Mine Advisory Group (MAG) සහ Hazardous Area Life Support Organization (HALO Trust) සමඟ එක්ව මේ වනවිට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ 2010 වර්ෂයේ දී ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත් කිරීමේ සුනඛයින් 2012, 2016 හා 2017 වර්ෂයන්හිදි US Marshal Legacy Institute ආයතනය විසින් පිරිනමනු ලබන හොදම බිම්බෝම්බ ඉවත් කිරිමේ සුනඛයින්ට හිමි සම්මානය හිමි කරගැනීමට සමත් විය.

බිම්බෝම්බ ලෝකයෙන් තුරන් කිරීමේ අරමුණින් ‘Ottawa Convention’ හෝ ‘Mine Ban Treaty’ ආයතන 1997 දෙසැම්බර් මස 3 වන දින විවෘත කරන ලද අතර එම ආයතන 1999 මාර්තු මස 1 දින සිට ක්‍රියාත්මක කරන ලදි.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධව ක්‍රීයාත්මක වන SKAVITA Humanitarian Assistance සහ Relief Project (SHARP) and Delvon Assistance for Social Harmony (DASH) යන ආයතන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සමඟ එක්ව තාක්ෂණික සහාය ලබාදෙමින් කටයුතු කරනු ලබයි.

වර්තමානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ සුනඛයින් 10 ක්, MV4 flails 4 ක්, බිම් බෝම්බ ඉවත්කරන්නන් 307 ක්, F3 Mine Lab Detectors 226 ක්, Bozena Flails 4 ක්, Flail operators 31 ක්, බිම් බෝම්බ ඉවත් කිරීමේ සුනඛයින් හසුරවන්නන් 18 ක් සහ පශු වෛද්‍ය සහයකයින් 20 ක් ද එක්ව සිටියි.

Adidas footwear | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret