Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය මගින් කිලෝමීටර 20 ක් දීගැති විශාල ඇල මාර්ගය වගා කටයුතු සඳහා නැවත පිලිසකර කරයි

යුද්ධ හමුදා සාමාජිකයින් 700 ක් සහ සාමාන්‍ය වැසියන් 200 කට අධික පිරිසක් අනෝන්‍ය සහයෝගය, සංහිඳියාව සහ මිත්‍රත්වයේ දෑත් එක් කරමින් තුනුක්කායි සහ වවුනිකුලම් ප්‍රදේශ හරහා දිවෙන කිලෝමීටර් 20 ක ඇලමාර්ගයක් වගා කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (07) දින නැවත පිලිසකර කරන්නට යෙදුණි.

අතිතයේ සිට කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රසිද්ධ අක්කර 40,000 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු වවුනිකුලම් වැවේ සිට තුනුක්කායි ප්‍රදේශයට ජලය රැගෙන යන ඇල මාර්ග 3 ක් ඇත. මෙම ඇල මාර්ග අතුරින් දකුණු ඉවුරේ සිට දිවෙන කිලෝමීටර් 20 ක් දිගැති ඇල මාර්ගය නැවත පිලිසකර කිරීමේ කටයුතු ඊළඟ මොසම් වර්ෂාවට පෙර ඉටුකරගත යුතුව තිබු අත්‍යවශ්‍ය කටයුත්තක් වී තිබුණි.

යල සහ මහ කන්න දෙකෙහිම අක්කර 2,672 කට වැඩි ප්‍රදේශයක කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයන මෙම වැවෙහි ඇල මාර්ගය පිලිසකර කිරීමේ අවශ්‍යතාවය සැලවු 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධන එම ඇලමාර්ගය පිලිසකර කිරිමෙන් ප්‍රජාවට සිදුවන සුභ සිද්ධිය පිලිබඳව සලකා බලා ප්‍රදේශයේ කෘෂිකාර්මික සංවිධානයන්හි නායකයින්ට ද ආරාධනා කරමින් 651,652 සහ 653 බලසේනා මුලස්ථාන භට පිරිස් හා එක්ව ඇල පිලිසකර කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී.

භට පිරිස් හී ඉල්ලීමට අනුව ග්‍රාමීය කෘෂිකාර්මික සංවිධාන 9 ක් එක්ව අත්වැල් බැඳගනිමින් අබලන් කිලෝමීටර 20 ක් දීගැති ඇල මාර්ගය සුද්ධ පවිත්‍ර කොට නැවත පිලිසකර කිරීමේ කාර්යයන් (07 දින) දවස පුරා සිදු කරන ලදී.

වවුනීකුලම් වාරිමාර්ග ඉංජිනේරු පී. විහාරන් මහතා, උතුරු පළාත් සහාය වාරිමාර්ග අධ්‍යක්ෂක ඉංජිනේරු පී.රාජකොපු මහතා (සැලසුම්), තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් අයි.ප්‍රතිපන් මහතා ඇතුළු තුනුක්කායි වාරිමාර්ග ඉංජිනේරු කාර්යාල නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් මෙම සත්කාරයට උද්යොගයෙන් සහයෝගය දැක්වුහ.

දවසක් පුරා ක්‍රියාවට නැංවු මෙම විශාල ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙහිලා 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 21 වන (ස්වේච්ඡා) පාබල හමුදාව, 15 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 1 වන ගජබා රෙජිමේන්තුව, 11 වන ගජබා රෙජිමේන්තුව, 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව හි භට පිරිස් ඇතුළු බලසේනා සහ බලසේනාධිපතිවරුන් දායකත්වය සපයන ලදී.

Sportswear free shipping | Sneakers Nike