Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2018 12:13:11 Hours

පකිස්තානු හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවේ

යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සඳුදා (08) දින උදෑසන පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ඇතුළු පකිස්තානු යුද්ධ හමුදා දුත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් දුත පිරිසට සුභ පැතුම් පිරිනමමින්, දැනට සිදුකරමින් පවතින පුහුණු වැඩසටහන්හි ප්‍රගතිය සහ ද්වීපාර්ශවීය හමුදා අතර, අන්නෝන්‍ය වශයෙන් වැදගත්කම් ඇති කරුණු කාරණා පිළිබඳව ද සුහදව සාකච්ඡා කරන ලදි.

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරයේ දී පහසුකම් සැලසීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පළ කල අතර, ද්වීපාර්ශවීය හමුදාවන් අතර පවත්නා ඵෛතිහාසික සම්බන්ධතාවයන් පිළිබඳව ද මෙහිදි සිහිපත් කළහ.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

පකිස්තානු හමුදා නියෝජිත පිරිස, මෙම සංචාරයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ද්වීපාර්ශවීක යුද්ධ හමුදා සහයෝගිතාවයන් වර්ධන කිරීමේහිලා සාකච්ඡාවන් හී නිරතවනු ඇති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන හා තාක්ෂණික කටයුතු පිළිබඳ වැදගත් කරුණු ද සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව, මෙම නියෝජිත පිරිස ත්‍රිකුණාමලය භට කාර්යසම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතව ඇත.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ පකිස්තාන හමුදා දුත පිරිසේ සම්බන්ධිකරණ නිලධාරි ද සහභාගි විය.

bridgemedia | Nike, adidas, Converse & More