Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2019 16:56:09 Hours

නුවර හා බදුල්ල ප්‍රදේශයන්හි හටගත් ගිනි නිවිම සඳහා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයින්ගේ සහය

මහනුවර නගරයේ යටිනුවර වීදියේ පිහිටි ගොඩනැගිල්ලක අඟහරුවාදා (08) දින උදැසන හදිසියේ ඇති වූ ගින්න නිවීම මහනුවර ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සහ ගිනි නිවීම් ඒකකය සම්බන්ධව සිදු කරනු ලැබීය.

ගින්න හටගත් බව සැල වූ වහාම විනාඩි කිහිපයක් ඇතුලත වහා ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා නිලධාරීන් 3 දෙනෙකුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනි නිවීමේ කණ්ඩායම් සමඟ එක්ව ගින්න තවදුරටත් පැතිර යෑම වළක්වාලීය.

යුද්ධ හමුදා සාමාජිකයින් එම ස්ථානයේ සිටි පිරිසගේද සහය ඇතිව ගින්න තුළ සිරවී සිටි පවුල් ආරක්ෂිතව ඉවත් කිරිමට කටයුතු කළ අතර, මෙම මෙහෙයුම සාර්ථක කරගැනිම සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධි තිස්ස නානායක්කාර ගේ උපදෙස් මත ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයින් සමත්විය.

මේ අතර, සෙනසුරාදා (9) දින බදුල්ල දිස්ත්‍රික්කයේ වව්ල්පතන කඳුවැටියෙහි ගින්නක් හට ගත් අතර, ඒ අනුව ගින්න නිවිම සඳහා වහා ක්‍රියාත්මක වූ 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 බළසේනාවට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 31 දෙනෙකුගේ යුත් කණ්ඩායමක් විසින් සිදුකළ දිගු මෙහෙයුමකින් පසු පැතිර ගිය ලැව් ගින්න නිවා දැමීය.Sports brands | Nike Shoes