Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2018 15:40:39 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි අනුරාධපුරයේ ඉදිකරමින් පවතින වකුගඩු රෝග නිවාරණ ඒකකයේ සංචාරයක

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සඳුදා (5) දින වකුගඩු රෝගින් වෙනුවෙන් හා ඔවුන්ගේ නවාතැන් මෙන්ම සුභසාධක පහසුකම් වෙනුවෙන් අනුරාධපුරයේ ඉදිකරනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු පිලිබඳව සොයා බැලීම සදහා එහි සංචාරයක නිරතවිය.

අතිගරු ජනාධිපති තුමාගේ විශේෂ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සෘංජු අධීක්‍ෂණය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා පළමු පියවර වශයෙන් රුපියල් මිලියන 28 ක මුදල් ප්‍රතිපාදන උතුරු මැද පළාත් සභාව වෙත ලබාදි ඇත. එම පළාත් සභාව විසින් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ලබාදි ඇති අතර 2016.03.25 දින මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. වර්ග අඩි 40134 කින් යුක්ත වන මෙම ගොඩනැගිල්ල ඇදන් 98 කින් සමන්විත වේ.

2016 මාර්තු මස 25 දින අතිගරු ජනාධිපති තුමාගේ උපදෙස් පරිදි ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මේවන විට 80% ක පමණ වැඩ නිමකර ඇති අතර මේ සදහා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සේවයේ නියුතු ඉන්ජිනේරු සෙබලුන් 33 ක් ඉදිකිරිම් කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙනු ලබයි.

වැඩිදුරටත් ඉදිකිරීම් කටයුතු පිලිබඳ විමර්ශනය කළ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නියමිත දිනට මෙම ව්‍යාපෘතිය අවසන් කිරිමට හැකිවේද යන්න එහි සිටි ඉංජිනේරු සෙබලුන්ගෙන් විමසා සිටි අතර, අනතුරුව ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි උපදෙස් ලබාදෙනු ලැබීය. Sportswear free shipping | Nike