Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2018 21:42:14 Hours

නික්ම යන 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හට තුනුක්කායි සිවිල් වැසියන්ගේ සුබ පැතුම්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සිය ධුරයෙන් සමුගැනිමේ උත්සවය සඳුදා (12) දින එම සේනාංක මුලස්ථානයේ දී තුනුක්කායි සිවිල් වැසියන් හා සුබපතන්නන්ගේ ද සහභාගීත්වයෙන් පවත්වන ලදි.

පුරා වසර 2 ½ කට ආසන්න කාලයක් 65 වන සේනාංකයේ සේනාංකාධිපති ධුරයේ රාජකාරි කරමින් සිය ධුරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංක නිලධාරින් හා සෙසුනිලයින් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව නික්ම යාමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එහිදි 1 වන ගජබා රෙජිමේන්තු භඨ පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් හා ආචාර පෙළපාලියක් පිරිනමන ලද අතර මේ සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වුහ.

නික්ම යන සේනාංකාධිපතිතුමන් විසින් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදි. අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලද අතර එතුමන් විසින් සියළු නිලයින් ඇමතිමෙන් පසු එදින (12) වැඩසටහන නිමාවට පත්විය.

මේ අතර තුනුක්කායි ප්‍රදේශයේ සිවිල් වැසියන් විසින් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත සුබ පැතුම් එක්කිරීම සඳහා 65 වන සේනාංක මුලස්ථාන දොරටුව අභියස දී කෙටි උත්සවයක් සංවිධානය කර තිබු අතර එහිදි 65 සේනාංකාධිපති ධුරයේ රාජකාරි කරමින් සිය සේවා කාලය තුල එම ප්‍රදේශය තුල සිදුකරන ලද සියළුම සේවාවන් සඳහා ප්‍රදේශවාසින් මෙන්ම හිතවතුන් ඔවුන්ගේ කෘතඥතාවය පළ කර සිටින ලදී.

බල සේනාංකාධිපතිවරුන්, අණදෙන නිලධාරිවරුන්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් ද මෙම සමුගැනිමේ උත්සවය සඳහා සහයෝගය දැක්වු අතර මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සිය වසර 33 ක නොකැලැල් සේවා කාලයකින් පසු යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

Nike footwear | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite