Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2019 15:18:22 Hours

නැගෙනහිර භටපිරිස් ප්‍රදේශයේ වැව් පිරිසිදු කිරීමට සහ වෙළඳ කුටි ඉදිකිරීමට මෙන්ම ජාතික ව්‍යාපෘතියට සහභාගිවූවන්ට දිවා ආහාර පාර්සල් බෙදාදෙයි

‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය පසුගියදා මඩකලපුව, වෙබර් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර ගොවීන්ගේ ඉල්ලීමකට අනුව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 231 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් නෙඳුම්කුලම් සහ වෙට්ටිකුලම් වැව් පිරිසිදු කරන ලදී.

දින පහක් පූරා පැවති මෙම ජාතික ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය සිකුරාදා (12) දින පැවැති අතර එම අවස්ථාවට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි විය. මෙම ජාතික ව්‍යාපෘතියට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් වැව් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සහ සතුරුකොන්දන් ප්‍රදේශයේ අඩු ආදායම්භි පවුල් සඳහා වෙළඳ කුටි 25 ක් ද ඉදිකරදෙන ලදී.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොළ ගේ සහ 231 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙළඳ කුටි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

එමෙන්ම, වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති මෙම ජාතික ව්‍යපෘතියේ සමාප්ති උත්සවය සඳහා සහභාගිවූවන්ට දිවා ආහාර පාර්සල් 5500 ක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බෙදාදෙන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම ජාතික ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය දායකත්වය ලබාදුන්හ. Authentic Sneakers | Nike News