Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2018 16:07:40 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සිය සංවත්සරය සමරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය, එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මඟපෙන්විම යටතේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙත පිං පැමිණවීමේ සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් සමඟින් සිය 15 වන සංවත්සරය සමරන ලදි.

ඒ අනුව ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස ඔක්තෝබර් මස 29 වන දින වර්ණවත් පෙරහැරකින් ගෞරවාන්විතව කඳවුරු පරිශ්‍රය වෙත ධතුන්වහන්සේලා ප්‍රමුඛ පිරුවානා පොත් වහන්සේ වැඩමවා ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් ද පවත්වනු ලැබීය.

ඊට පසු දින, පූජ්‍ය කඳුරුවෙල ධම්මපාල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ 20 නමක් විෂයෙහිලා දානය පිළිගැන්විම ද සිදු කළහ.

එසේම, සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් අඟහරුවාදා (30) දින ඓතිහාසික සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් කප්රුක පූජාවක් ද පවත්වන ලදි.

මෙම පිංකම් සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වූ අතර, එහිදි ආගමික වතාවත් සෝමාවතිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකළහ. තවද, භට පිරිස් වෙත ආශිර්වාද පතා මින්නේරිය, මහසෙන් දේවාලයේ දී විශේෂ පූජාවක් ද පැවැත්විය. latest Nike Sneakers | adidas NMD Human Race