Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2017 10:10:57 Hours

නැගෙනහිර සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන 69 වන නිදහස් දිනය සමරයි

වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා හා ඒකකයන් හිදී වෙන් වෙන් වශයෙන් සෙනසුරාදා (04) දින 69 වන නිදහස් දිනය සමරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති හා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් එක්ව නිදහස් දින උත්සවය නිමිත්තෙන් මුලස්ථාන පරිශ්‍රයේ දී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදි. අනතුරුව, මියගිය රණවිරුවන් සිහිකිරිමන් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබීය.

තවද, නිදහස් දින සැමරුමට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විමෙන් පෙබරවාරි 2 වන දින සිට 4 වන දින දක්වා වැලිකන්ද දුම්රිය ස්ථානය හා රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පැවැත්විය.

එහිදි භට පිරිස් දුම්රිය ස්ථානය හා රෝහල් පරිශ්‍රය මෙන්ම ඒ අවට ද සුද්ධ පවිත්‍ර කිරිම සිදු කළ අතර, මේ සඳහා නිලධාරින් 3 ක් සහ සෙසුනිලයන් 105 ක් සහභාගි වූහ.

එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් ද දියතලාව, එම මුලස්ථාන පරිශ්‍රයේ දි සෙනසුරාදා (04) දින නිදහස් දිනය සමරන ලදි.

ඒ අනුව මෙම වැඩසටහන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස් විතානගේ උපදෙස් මත පැවැත්විය.

මෙහිදි ජාතික ධජය එසවිමෙන් අනතුරුව ජාතික ගිය ගායනා කල අතර, අතිගරු ජනාධිපතිතුමා විසින් එදින සිදුකල කතාව සජිවීව නැරඹිමට ද ඔවුනට අවස්ථාව උදාකර දෙන ලදි.

මීට අමතරව, පෙර දින (03) හපුතලේ Y හන්දියේ සිට දියතලාව නගරය දක්වා වු මාර්ගය පිරිසිදු කිරිම ද භට පිරිස් විසින් සිදුකෙරිනි.

Mysneakers | Nike Shoes