Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 09:48:11 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති 2 (සෙව්) ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 3 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සිය රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව ජනවාරි මස 13 සහ 14 යන දිනයන්හි දී වැලිකන්ද හි පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ දෙහිඅත්තකණ්ඩියේ පිහිටි 3 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ සංචාරය කරන ලදි.

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායට පැමිණි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පිළිගැනීම එහි අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජි.එල්.එස්.ඩබ්. ලියනගේ විසින් සිදු කෙරිනි.

අනතුරුව, එහිදි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපනය කිරීම සහ භට පිරිස් ඇමතීම සිදු කෙරිනි.

භට පිරිස් ඇමතීමෙන් පසුව, අණදෙන නිලධාරී විසින් බලඇණියේ ‘වගකීම් සහ කාර්ය භාරයන්’ පිළිබඳවත්, රාජකාරි ස්භාවය පිළිබඳවත් ආඥාපතිතුමා දැනුවත් කරන ලදි.

ඊට පසු දින නැගෙනහිර ආඥාපති 3 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ සංචාරය කළ අතර, එහි අණදෙන නිලධාරී මේජර් එල්.පී.එල්. ද සිල්වා විසින් ආඥාපතිතුමා පිළිගැනීම සිදු කෙරිනි. කාන්තා සෙබලියන් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම ද එහිදි සිදු කෙරිනි.

මෙහි දී ද කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපනය කළ අතර, ආඥාපතිතුමා විසින් භට පිරිස් ඇමතීම සහ සියලු නිලයින් සමඟ දිවාභෝජන සංග්‍රහයට සහභාගීවීම ද සිදු කෙරුනි.

එහිදි අණදෙන නිලධාරී විසින් සිය කාර්යාලයේ දී සංචාරක ආඥාපති වෙත සිය ‘වගකීම් සහ කාර්ය භාර්යයන්’ පිළිබඳ පැහැදිලි කළ අතර, එම බලකායේ කණ්ඩායම් භාර නිලධාරීන්ට සිය ගැටලු සහ අවශ්‍යතාවයන් පිළිබඳව ආඥාපතිතුමා සමඟින් සාකච්ජා කිරීමට ද මෙය අවස්ථාවක් විය.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන මෙන්ම කර්නල් ප්‍රධාන මාණ්ඩලික ද ආඥාපතිතුමා සමඟින් මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.

Running sport media | Shop: Nike