Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නාවික කුසලානය - 2017 යුද්ධ හමුදා හොකී කණ්ඩායමට

‘නාවික කුසලානය - 2017’ හොකී තරඟාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා හොකී ක්‍රීඩකයින් අතර තරඟය ඉරිදා (09) දින වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ දී පවත්වන ලදි.

එම තරඟයේ දී ගෝල 2-0 ලෙස යුද්ධ හමුදා හොකී කණ්ඩායම වෙත ජයග්‍රහණය හිමිවිය.

මෙම තරඟාවලිය අප්‍රේල් මස 08 දින ආරම්භ වූ අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් අංශය නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් සහභාගි වූහ.

එහිදි යුද හමුදා ක්‍රීඩකයින් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය ගෝල 3-0 ලෙසත්, වෙන්නප්පුව ක්‍රීඩා සමාජය ගෝල 3-0 ලෙසත්, බිආර්සි කණ්ඩායම ගෝල 5-0 ලෙසත්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ගෝල 1-0 ලෙසත් පරාජය කරන ලදි.

මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායමේ ඉංජිනේරු සෙබල එම්.ජී. සංජීව වෙත හිමිවිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ විසින් ජයග්‍රාහී යුද්ධ හමුදා කණ්ඩායම වෙත නාවික කුසලානය - 2017 පිරිනමන ලදි.

යුද්ධ හමුදා හොකී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහි සම්භාවනීය අමුත්තා ලෙස සහභාගි වූ අතර, මෙම තරඟාවලිය සඳහා තරඟ වැදුනු ජයග්‍රාහී හමුදා ක්රී්ඩකයින් වෙත සහ නාවික හමුදා ක්‍රීඩකයින් වෙත පදක්කම් පිරිනැමිම ද සිදු කළහ.

Running sports | Air Jordan