Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2016 08:17:50 Hours

නව නිර්මාණකරනය පිළිබඳ සියලු නිලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නව නිර්මාණකරණය පිළිබඳ දැනුම ලබාදීමේ වැඩසටහනක් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී බදාදා (12) දින පවත්වන ලදි.

‘නව නිර්මාණ’ නම් වූ මෙම වැඩසටහන මඟින් නිර්මාණාත්මක චින්තනය හා සම්බන්ධ කරුණු, අනාගත අභියෝග සහ නව සැලසුම් ක්‍රියාත්මක කිරීම මෙන්ම නව ආරක්ෂක විධිවිධාන සඳහා තාක්ෂණය භාවිතා කිරිම ආදි විවිධ අංශ පිළිබඳ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරිම මෙහිදි සිදු කෙරිනි.

ඒ අනුව සම්පත් දායකත්වය දක්වන ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු සහ සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.එච්. ප්‍රියසිරි මහතා සහ ශ්‍රී ලංකා ජාතික බුද්ධි කාර්යාංශයේ බුද්ධි නිලධාරී අජිත් වන්නිආරච්චි මහතා විසින් දේශන සැසිවාරයේ දී ඉහත සඳහන් අංශයන් පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

best Running shoes brand | NIKE AIR HUARACHE