Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නව අවුරුදු උදාව නිමිත්තෙන්, කිලිනොච්චි භට පිරිස් වෙතින් පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි අන්නායි ඉල්ලම් ළදරු පෙර පාසලේ දරුවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලා අවධානයක් යොමු කර රුපියල් ලක්ෂයක් පමණ මුදලක් වැය කරමින් පාසල් උපකරණ තොගයක් මිළදි ගෙන නව අවුරුදු උදාව නිමිත්තෙන් දරුවන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම පාසල් උපකරණ ප්‍රදානෝත්සවයට ප්‍රදේශයේ කතෝලික පූජකවරුන් කිහිපදෙනෙකු ද ආරාධිතයින් ලෙස සහභාගි වූහ. කිලිනොච්චි ලිබරා පුස්තකාල පරිශ්‍රයේ සිකුරාදා (05) දින පැවැති මෙම උත්සවයේ දී පෙර පාසල් ළමුන් 160 දෙනෙකු වෙත එම පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් වෙතින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් කෙරෙහි කාරුණික අවධානය යොමු කරමින් මෙම පරිත්‍යාග සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී තිබුණි. මෙහිදි ළමුන් වෙනුවෙන් අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඇතුළු ලිපි ද්‍රව්‍ය බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ.

Nike sneakers | nike