Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 16:50:46 Hours

දුරුතු පොහෝ දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මුලස්ථානයන්හි දී ආගමික වැඩසටහන්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රි ලංකා සේවා බලකාය විසින් දුරුතු පුන් පොහෝ දිනය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (12) දින ‘බෝධි පුජා’ පිංකමක් පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ පිහිටි බෝමළුව අභියස පැවති මෙම බෝධි පූජා පිංකමේ ධර්ම දේශනාව මැණික් කන්ද විමලගිරි විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ඇල්ලේවල සෝභිත ස්වාමින් වහන්සේ විසින් සිදුකෙරිනි.

එහිදි සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් හට ආශීර්වාද පැතීමත්, මියගිය රණවිරුවන් වෙත පිං පැමිණවිමත් සිදු කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.කේ. වඩුගොඩ, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් පි.ඒ. කළුආරච්චි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් 250 ක් ද මේ සඳහා සහභාගි වූහ.

එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයත් පොහෝ දිනය නිමිත්තෙන් බෝධි පූජා පිංකමක් සංවිධානය කළ අතර, එය බ්‍රහස්පතින්දා (12) දින එම මුලස්ථාන මූලදීප විහාරස්ථානයේ දී පවත්වන ලදි.

ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බි.පි.එස්. ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

මෙහි ධර්ම දේශනාව අනුරාධපුර ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය රත්ගම සත්තවිරිය ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවිය.

තවද, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන විහාරස්ථානයේ දී ද බ්‍රහස්පතින්දා (12) දින බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. පූජ්‍ය ගල්මුල්ලේ සුගතවංශ ස්වාමින් වහන්සේ විසින් එහි ධර්ම දේශනාව සිදු කළහ. මේ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.

latest Running Sneakers | nike fashion