Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2018 12:07:31 Hours

දුම්රිය ගමනා ගමනය නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි කිණිගම දුම්රිය ස්ථානය අසල බණ්ඩාරවෙල - බදුල්ල දුම්රිය මාර්ගයට අඟහරුවාදා (6) දින උදැසන පස් කන්දක් කඩාවැටි දුම්රිය මාර්ගය අවහිරවී තිබු අතර, මේ පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යුහුසුළුව ක්‍රියාත්මක වී පස් ඉවත්කර දුම්රිය ගමනා ගමනය යථාතත්ත්වයට පත් කරලීමට සමත් විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකු දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීම සඳහා දුම්රිය සේවකයින් හට සහයෝගය ලබාදෙනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයන් හා දුම්රිය සේවකයින් හට මෙම කාර්ය අවසන් කිරීම සදහා පැය දෙකකට අදික කාලයක් ගතවී ඇත. affiliate tracking url | Air Jordan