Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th September 2018 15:08:27 Hours

දිවුල්වැව ප්‍රදේශයේ බුදු මැදුර ඉදිකිරිම සඳහා 213 බලසේනාංකයේ භට පිරිස් හි සහාය

කීරලගල රාජ මහා විහාරස්ථානයේ අභිනව බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු වව්නියාව 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 213 වන බලසේනාවේ භට පිරිස් දින 05 ක කාලසීමාවක් තුලදී නිම කිරීමට සමත් වු අතර, අභිනව බුද්ධ මන්දිරය අගෝස්තු මස 26 වන දින බැතිමතුන්ගේ වන්දනාමන කටයුතු සඳහා විවෘත කරන ලදී.

මෙම බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාංක භට පිරිස් විසින් සිදුකරන ලද අතර දිවුල්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පදිංචිකරුවෙකු වන එම්.කේ චන්ද්‍රසේකර මහතා විසින් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා මුල්‍යමය දායකත්වය දරණ ලදී.

මෙම අවස්ථාව සඳහා පුජනීය මහා සංඝරත්නය, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ දිවුලවැව ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වුහ. Asics footwear | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp