Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2018 23:00:29 Hours

දිවයින පුරා යුද්ධ හමුදා භට පිරිස් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින්, ඔවුනට ගෞරව පිරිනමයි

ජාතික රණවිරු දිනයට සමගාමීව මැයි මස 19 වන දින, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය පැවැති අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත පදක්කම් පිරිනැමීම සහ කැලණිය රජ මහා විහරස්ථානයේ දී ‘ආලෝක පූජාවක්’ ද පැවැත්විණි. තවද, මැයි මස 18 සහ 19 දිනයන්හි දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථාන, යුද්ධ හමුදා පුහුණු පාසල්, සේනාංක මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, බලසේනා මුලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, ඒකක, ක්ෂේත්‍ර මූලස්ථාන සහ රණවිරු සුභසාධන මධ්‍යස්ථානයන්හි ආගමික වතාවත් පවත්වා, ජාතික ධජය හා යුද්ධ හමුදා ධජයන් එසවීම, ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කරන ලද පණිවිඩය කියවීම සහ විනාඩි 02 ක නිෂ්ශබ්දතාවයක් පවත්වා දේශය වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකයන් වෙත පුෂ්පෝපහාර පුද කර රණවිරු සැමරුම් උත්සව පවත්වන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්.එම්. මූදලිගේ ගේ මඟපෙන්වීම මත රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සහිපත් කරමින් අම්පාර ප්‍රදේශයේ ආගමික උත්සව රැසක් පවත්වනු ලැබීය. ඒ අනුව, අම්පාර මහාවාපීය විහරස්ථානයේ දී බෝධිපූජා පිංකමක්, අම්පාර ගණපති කෝවිලේ දී හින්දු පූජාවක්, අම්පාර සමන්තුරි ඉස්ලාම් පල්ලියේ දී ඉස්ලාම් දේවමෙහෙයක් සහ ශාන්ත ඉග්නීසස් දේවස්ථානයේ දී කිතුනු දේවමෙහෙයක් ද පවත්වනු ලැබීය.

මේ අතර, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ආගමික උත්සව මාලාවක් මූලතිව් ප්‍රදේශයේ දී සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, මූල්ලියාවේලි ජූම්මා ඉස්ලාම් පල්ලියේ දී ඉස්ලාම් දේවමෙහෙයක්, පුදුකුඩියිරිප්පු කුලන්දන් ක්‍රිස්තියානි දේවස්ථානයේදී කිතුනු දේවමෙහෙයක් සහ ඕඩ්ඩුසුඩාන් ශීවම් කොවිල් පරිශ්‍රයේ දී හින්දු දේවමෙහෙයක් ද පවත්වනු ලැබීය. තවද රණවිරු සැමරුම් උත්සවයන් වර්ණවත් කරමින් මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී බෝධිපූජා පිංකමක් ද පවත්වනු ලැබීය.

මේ අතරතුර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපති 57 වන සේනාංකයේ භට පිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ආගමික වැඩසටහන් කිහිපයක් පවත්වන ලදි. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සහභාගිත්වයෙන් එම ආරක‍්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය සහ අනෙකුත් ආගමික වැඩසටහන් පැවැත්විණි.

තවද, 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පරන්තන් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සහ 571 වන බලසේනාවේ හා 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව බාරතිපුරම් බැප්ටිස් ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සෙනසුරාදා (19) දින රණවිරු සැමරුම් උත්සව පවත්වනු ලැබීය. එමෙන්ම, 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 571 වන බලසේනාව, 7 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් එක්ව කිලිනොච්චි ලුම්බිණි විහාරස්ථානයේ දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සහ අබාධිත රණවිරුන්ට ආශීර්වාද කිරීමේ බෝධිපූජා පිංකමක් ද පැවැත් වූහ.

තවද, 571 වන බලසේනාවේ සහ 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් තිරුවායිරවු, සිත්තිවිනයාගර් කෝවිලේ දී හින්දු පූජාවන් කිහිපයක් ද පවත්වනු ලැබීය. එමෙන්ම, 574 වන බලසේනාවේ සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් රණවිරු සමරුම් උත්සවයන්ට සමගාමීව මාන්කුලම්, ගණපති කෝවිලේ දී හින්දු පූජාවක් ද පවත්වන ලදී.

මේ අතර, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය රණවිරු සැමරුමට සමගාමීව යාපනයේ දී ආගමික වතාවත් සිදුකර, ජාතික ධජය හා යුද්ධ හමුදා ධජයන් එසවීම, රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කරන ලද පණිවිඩය කියවීම සහ විනාඩි 02 ක නිෂ්ශබ්දතාවයක් පවත්වා දේශය වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

එ් අනුව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනාංක සහ සියලුම ඒකකයන් නියෝජනය කරමින් සංවිධානය කරනු ලැබු බෞද්ධ, හින්දු, කිතුනු සහ මුස්ලිම් ආගමික වැඩසටහන්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

එමෙන්ම, කිලිනොච්චි, 651 වන බලසේනාවේ භට පිරිස් මුලන්කාවිල්, විනයාගර් කෝවිලේ දී සහ 652 වන බලසේනාවේ හා 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව අක්කරායන්කුලම්, අම්මාන් කෝවිලේ දී හින්දු පූජාවන් සංවිධානය කරනු ලැබීය. තවද තෙන්නියකුලම්, 1 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනයාගර් කෝවිලේ දී හින්දු පූජාවක් පවත්වනු ලැබීය.

මේ අතරතුර, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා, 21 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන් හි බලසේනාධිපතිවරුන්, එම සේනාංක භට පිරිස් සහ රණවිරු පවුල්වල සමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් 9 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමිව ශ්‍රී විමලධර්මදුත විහාරස්ථානයේ දී බෝධි පුජා පින්කමක් සහ අනුරාධපුර ශාන්ත ජෝෂප් දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයක් මැයි මස 18 සහ 19 යන දිනයන් හිදී පවත්වන ලදී.

එමෙන්ම, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භට පිරිස් විසින් ජාතික රණවිරු දිනයට සමගාමීව ආගමික වතාවත් කිහිපයක් ද පවත්වනු ලැබීය.

ඒ අනුව, සෙනසුරාදා (19) දින මනුවෙහෙර විහාරස්ථානයේ දී බෝධිපූජා පිංකමක් සහ තිරුකේෂ්වරම් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් මෙන්ම මන්නාරම ශාන්ත සෙබස්තියන් ක්‍රිස්තියානි පල්ලියේදී කිතුනු දේවමෙහෙයක් ද සිදුකරනු ලැබීය. තවද සඳුදා (20) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවයක් ද පවත්වනු ලැබීය.

Nike air jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp