Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2018 18:55:23 Hours

තවත් 20 දෙනෙකු හට ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පත්

ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වෘත්තීය පුහුණුව ලද යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත තවත් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත් පිරිනැමීම සිකුරාදා (14) දින වවුනියාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම යෑමෙන් පසු සිවිල් ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන්ට යොමු කිරීමේ අවස්ථාව උදාකරදීමේ අරමුණින් අඛණ්ඩව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් ප්‍රථම වතාවට වන්නි සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන් හි දී මෙම වැඩසටහන ආරම්භ කර ඇත. යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අනුරාධපුර සහ වවුනියාව ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල සාර්ථකව පුහුණුව අවසන් කල අතර ඔවුන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පත් ප්‍රදානය කරන ලදි.

මෙහි සහතික පත් ප්‍රදානය කිරීම සිකුරාදා (14) දින වවුනියාව, ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂක ජී.කේ.ඩී.සී කුමාර මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර, අනුරාධපුර, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ප්‍රියන්ත මහතා, විභාග ඇගයීම් නිලධාරී එස්.එස්.එස්.පී කුමුදුනි මෙණවිය, වවුනියාව, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂක ජී.කේ.ඩී.සී කුමාර මහත්මා, වවුනියාව, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු නිලධාරී ආර්.පී.ඩි.එල් රාජපක්‍ෂ මහතා සහ වැඩසටහන් නිලධාරි ටි රූපිකා මෙනවිය ද මෙම සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

තවද, මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද සහභාගි වූහ. Nike air jordan Sneakers | Sneakers Nike Shoes