Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2018 16:11:24 Hours

ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවලට යුද්ධ හමුදාවේ නන්විධ සහාය

යුද්ධ හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේහිලා ක්‍රියාකල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව යමින් දේශයේ වඩාත්ම ඉල්ලුමක් ඇති කීර්තිමත් සේවාදායකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකාය, ශ්‍රී ලාංකීය නන්විධ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතීන් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මධ්‍යම ප්‍රමාණයේ වැව් 500 ක් ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු වල මේ වනවිට නිරතවී සිටියි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් අනුව 2016 ඔක්තෝබර් මසදී ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය හරහා යුද්ධ හමුදා භට පිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වනවිටත් වැව් 15 ක ප්‍රමාණයක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇත.

‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිරන්ජන් රාමනායකගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගෝමරන්කඩවල, පදවි ශ්‍රී පුර, කන්තලේ, මොරවැව සහ පෙමාදුව යන ප්‍රදේශවල පිහිටි මධ්‍යම ප්‍රමාණයේ වැව් 10 කට වැඩි ප්‍රමාණයක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට කඩිනමින් ඉටුකරමින් සිටියි.

එමෙන්ම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පස් අවුරුදු වැඩසටහන යටතේ දුෂ්කර පාසල්වල නව ගුරු නිවාස 100 ක් ඉදිකිරීමේ යෝජිත වැඩපිළිවලේ වැඩකටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත. ගුරු නිවාස අත්‍යවශ්‍ය වඩාත් දුෂ්කර ප්‍රදේශයන්හි පාසල් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් මෙම වසරේදී නව ගුරු නිවාස 10 ක ප්‍රමාණයක් කඩිනමින් ඉදිකර අවසන් කිරීමට යුද්ධ හමුදා භට පිරිස් අපේක්ෂා කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කරදියාන - කුඹුරුයාය ප්‍රදේශයේ කිලෝමීටර් 250 ක දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි අලි වැටවල් ඉදිකිරීම සඳහා මුලික කටයුතු සිදුකරමින් පවතින අතර, අලි ගහණය ප්‍රමාණාත්මකව වැඩි ගෝමරන්කඩවල ප්‍රදේශයේ කිලෝමීටර 30 ක දුර ප්‍රමාණයක අලි වැටක් ඉදිකිරීමේ මූලික ව්‍යාපෘතිය පසුගියදා අරම්භ කරන ලදි.

තවද, ග්‍රාමීය ජනතාවගේ යහපත උදෙසා මෙම පස් අවුරුදු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරුවන් විසින් ග්‍රාමීය මාර්ගජාලයක් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම් සහ අභියෝගයද භාරගෙන ඇත. යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරුවන් විසින් පසුගිය දෙසැම්බර් මස අවසන් වනවිට ගන්තලාව - සාලියපුර කිලෝමීටර 07 ක මාර්ගය සහ රණතුංග කඩේ පාර කිලෝමීටර් 05 ක මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට සමත්වු අතර, ප්‍රමුඛතාවයන් හඳුනාගනිමින් එම කටයුතු තවදුරටත් ඉදිරියේදී යුද්ධ හමුදාව විසින් ඉටුකරනු ලබනු ඇත.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාධිපති වශයෙන් රාජකාරි භාරගැනීමෙන් පසු යුද්ධ හමුදාවේ 1/3 ක් ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයහිලා ක්‍රියාත්මක වියයුතු බවට වූ ඔහුගේ සංකල්පයට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත දැනට ක්‍රියාත්මක වන ‘සිරිසර පිවිසුම’, ‘වන රෝපා’, ‘වස විස නැති ර‍ටක්’, ‘පිබිදෙමු පොළොන්නරුව’ සහ ‘රජරට නවෝදය’ වැනි මේ වනවිට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින් සඳහා යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරුවන්ට ඔවුන්ගේ දායකත්වය ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇත.

‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 ක පාසල්, ආගමික ස්ථාන, රජ‍යේ සෞඛ්‍යය ආයතන, පුරාවිද්‍යාත්මක ස්ථාන, ප්‍රජා ශාලා, ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම් වලට අමතරව දිස්ත්‍රික්කය තුල චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක විශේෂ යටිතල පහසුකම් වැඩිදියුණු කි‍රීමේ ව්‍යාපෘතින් සඳහා ද යුද්ධ හමුදා ඉංජිනේරුවන්, ඉංජිනේරු සේවා බලකාය සහ ක්‍ෂේත්‍ර ඉංජිනේරුවන්, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් විසින් ඉතා ක්‍රියාශීලිව දායකත්වය ලබාදෙනු ලබන අතර, මෙම ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දරගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

2021 වසරේ දි අවසන්වීමට නියමිතව මෙම පස් අවුරුදු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 5000 ක මුදලක්, වසරකට රුපියල් මිලියන 1000 බැගින් මෙම යුද්ධ හමුදා පුරෝගාමී ව්‍යාපෘති සඳහා යෙදවීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ ග්‍රාමීය සංවර්ධන සමිති, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරින්, ගම් ප්‍රධානීන් සහ ගම් මට්ටමේ අනෙක් පාර්ශවකරුවන් සමඟ සමීප සම්බන්ධතා ඇතිව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙම ව්‍යාපෘති සිදුකරමින් පවතින මෙම ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂීකර්ම අමාත්‍යාංශය විසින් විශ්ලේෂණයට සහ ඇගයුමට භාජනය කරනු ඇත.

රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් ආර්ථීක මට්ටම සහ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීමේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අභිප්‍රායට අනුකුලව ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගයෙන් වර්ෂ 2021 වන විට මෙම ව්‍යාපෘති සම්පුර්ණ කරමින් ග්‍රාමීය ජනතාව සංවර්ධනයේ හා සෞභාග්‍යයේ නව යුගයක් කරා රැගෙනයාම මින් අපේක්ෂා කෙරේ.

යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලය මෙම සංවර්ධන ව්‍යාපෘතින් සියල්ලම වෙනුවෙන් ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාදෙමින් සිටින අතර, බර වාහන, යන්ත්‍ර සුත්‍ර සහ වාහන 100 ක ප්‍රමාණයක් සහ ත්‍රිවිධ හමුදා සමාජිකයන් 4000 ක ප්‍රමාණයක් යොදවමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටියි.

මීට අමතරව, වයඹ පළාතේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිඹිරියාගෙදර වැව, පාසල් ගොඩනැගිලි කිහිපයක් පොදු ස්ථාන සහ අනෙකුත් වැදගත් ස්ථානයන කිහිපයක අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු ද යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු භටයින් විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටියි.

මේ අතර, ආක්‍රමණශීලි වල්පැලෑටි විශේෂය හෙක්ට්යාර 50 ක පමණ විල්පත්තුව තබ්බෝව රක්ෂිත වනාන්තරයේ පරිසර පද්ධතියට බලපෑම් එල්ල කර ඇති අතර, ඒ හේතුවෙන් යුද්ධ හමුදා භට පිරිස් වහා ක්‍රියාත්මකවෙමින් එම ආක්‍රමණශීලි වල් පැලෑටි ඉවත් කරමින් සිටියි.

වයඹ පළාත, උතුරු මැද පළාත, මධ්‍යම පළාත, උතුරු සහ නැගෙනහිර පලාත සහ විල්පත්තු ජාතික රක්ෂිතය ඇතුළු ස්ථානවල මේ වන විට ක්‍රියාත්මක ‘වනරෝපා’ ජාතික ව්‍යාපෘතිය සඳහා ද යුද්ධ හමුදා සාමාජිකයින් විශාල ප්‍රමාණයක් යොදවා ඇත. මෙම පළාත්වල වනග්‍රහණය වැඩිදියුණු කිරීමේ අරමුණින් භට පිරිස් විසින් වනරෝපා වැඩසටහනට අනුව පැළ සිටුවීම සිදුකරනු ලැබේ.

එසේම, යුද්ධ හමුදාපතිතුමාගේ මූලිකත්වයෙන්, දිවයින පුරා හමුදා කඳවුරු සියල්‍ලෙහිම ‘පරිසර නියමු - හරිත සෙබලා’ සංකල්පය යටතේ යුද්ධ හමුදා කෘෂීකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් කෘෂී කාර්මික වගා කටයුතු ආරම්භ කර ඇත.

වර්ෂ 2017 ජූනි මස සිට දෙසැම්බර් මස දක්වා කාලපරාසය තුළදි වටිනා පැළ 18,000 ක ප්‍රමාණයක් වගා කිරීම සඳහා හමුදා කඳවුරු වෙත ලබාදී ඇති අතර, ‘වසවිස නැති රටක්’ තේමා පාඨය යටතේ කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 100 ක ප්‍රමාණයේ වී ගොවිතැන ද මේ වනවිට ආරම්භ කර තිබේ. අනාගතයේ දී ශ්‍රී ලංකාවේ වන ආවරණ ප්‍රදේශය 32% දක්වා වැඩි කිරීමට යුද්ධ හමුදා කෘෂීකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනේක ගුණරත්න ගේ අධීක්ෂණය යටතේ අදාළ රාජ්‍ය ආයතන වලට උපරිම සහයෝගය ලබාදිම යුද්ධ හමුදාවේ අභිප්‍රායයි.

එමෙන්ම, වගා කටයුතු ඔප්නැංවීමේ ජාතික වැඩපිළිවලට අනුව යමින් පසුගියදා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය එම ප්‍රදේශවාසි සාමාන්‍ය වැසියන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් සහ භට පිරිස් වෙත වගා කිරීම සඳහා වටිනා පැළ 125,000 කට වැඩි ප්‍රමාණයක් මෑතක දී ලබාදෙන ලදි.

Nike sneakers | Women's Designer Sneakers - Luxury Shopping