Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2018 16:32:09 Hours

ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය සහ වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය සහ වෙරළ පවිත්‍රතා වැඩසටහන ඉරිදා (16) දින දඩැල්ල වෙරළ තීරයේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති අතර මේ සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ දකුණු පළාත් මහ ඇමතිතුමන් ද සහභාගි වූහ.

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව දඩැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන අතරතුරදී අතිගරු ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ දුෂණය අවම කිරීම සඳහා සෑම පුරවැසියෙකුටම වගකීම පැවරී ඇති බවත් ස්වභාවධර්මය ආරක්‍ෂා කිරීම හා පරිසරය සංරක්‍ෂණය කිරීමේ දැවැන්ත කර්තව්‍යයේ වැදගත්කම සෑම පුරවැසියෙකුම හඳුනාගත යුතු බවත් ප්‍රකාශ කළහ. affiliate tracking url | Patike