Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2018 16:29:05 Hours

ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා හා සංග්‍රාමික කුසලතා (PACES) තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 36 ක් සහ රිදී පදක්කම් 22 ක් දිනාගනී

පකිස්ථානයේ, ලාහෝර් නුවර පැවැති දෙවන ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා (PACES) තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා කණ්ඩායම රන් පදක්කම් 36 ක් සහ රිදී පදක්කම් 22 ක් දිනාගැනිමට සමත්විය.

පකිස්ථානු යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු මෙම තරඟාවලිය ඔක්තෝම්බර් මස 8 දින සිට 15 දින දක්වා පැවැති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ඛාණ්ඩ 05 ක් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් 64 ක් සහභාගි වූහ. තවද මෙම තරඟාවලිය සඳහා බහරේන්, චීනය, කුවෙට්, මැලේසියාව, මාලදිවයින, නේපාලය, නයිජිරියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ එංගලන්තය යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහභාගි විය. එමෙන්ම, නිරික්‍ෂණ රටවල් වශයෙන් ඊජිප්තුව, ඉතාලිය, මියන්මාරය, රුසියාව, ටජිකිස්ථානය, තුර්කිය සහ උස්බකිස්ථානය යන රටවල් 07 ද සහභාගි විය.

මෙම ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා (PACES) තරඟාවලිය, යුධමය අභියෝගයන්ට මුහුණදීමේ දී ඉහළ මට්ටමක සටන්කාමී දක්‍ෂතාවයන් දැක්වීම සඳහා ශාරීරික හා මානසික හැකියාවන් වර්ධනය කිරීමෙහිලා විධිමත් පුහුණු ක්‍රමවේදයක් වන අතර මෙහි ප්‍රථම තරඟය 2016 වර්ෂයේ ලාහෝර් හිදී පැවැති අතර එම තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට පකිස්තානු කණ්ඩායම සමත්විය.

මෙහි සුවිශේෂි අවස්ථාවක් ලෙස කිලෝමීටර් 3.2 දිවිමේ ඉසව්ව සඳහා ඉදිරිපත්වූ බ්‍රිගේඩියර් ඩි.එස්.ඩි.වැලිකල සහ බ්‍රිගේඩියර් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර එම ඉසව්වේදී දැක්වු සුවිශේෂි දක්‍ෂතාවය හා තරඟාකාරිත්වය අගයමින් විශේෂ සමරු තිලිණ ද ප්‍රදානය කළහ. මීට අමතරව, push-up තරඟ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සෙනෙවිරත්න සමත්විය.

මෙම කණ්ඩායම තෝරාගැනීමේ අධීක්‍ෂණ නිලධාරි වශයෙන් මේජර් ජෙනරාල් ආර්.ඒ. නුගේරා කටයුතු කළහ. තවද මෙවර තරඟාවලියේ වැඩිම පදක්කම් ලබාගැනිමින් ශුරතාවය හිමිකරගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් විය. Running sports | jordan Release Dates