Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2018 14:23:41 Hours

ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා කර්නල්වරයා මුලික ආරක්‍ෂක යුද්ධෝපායන් අධ්‍යයනය පිළිබඳ වූ ශ්‍රාස්ත්‍රපති උපාධියකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් ශීවන්ත් ඒ. කුලතුංග ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදෙමින් එක්සත් ජනපදයේ වොෂිංටන් හී ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ මුලික ආරක්‍ෂක යුද්ධෝපායන් අධ්‍යයනය පිළිබඳ වූ ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔහු සම්භාවනීය උපාධිධරයෙකු වශයෙන් එම ශ්‍රේණියේ ලකුණු 3.97 ක සාමාන්‍ය අගයක් ලබාගනිමින් විශිෂ්ඨ දක්‍ෂතාවක් දක්වා ඇත.

එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල 04 ක උපාධිධාරින් 800 ක් අතුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපත්තීන්ට අනුකුලව සම්භාවනීය උපාධිධාරින් 70 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරාපත් කරගන්නා අතර වැඩිම ලකුණු ලබාගත් විදේශීය සිසුන් තිදෙනා අතරට පත්වීමට කර්නල් ශීවන්ත් ඒ. කුලතුංග ද සමත්විය. ඔහු හට ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යයන්තර ආරක්‍ෂක සම්බන්ධතා පීඨය මගින් මෙම ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබාදීම සඳහා සම්භාවනීය උපාධිධාරි කාණ්ඩය යටතේ අවැසි නිර්දේශය ලබාදී ඇත.

දිවයිනට පැමිණ සිටින කර්නල් ශීවන්ත් ඒ. කුලතුංග අද (14) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවු අතර එහි දී එම උපාධි සහතිකය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අවධානය සඳහා ඉදිරිපත් කරන ලදී. ඔහු දැක්වු දක්‍ෂතාවය අගයකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිය සුබපැතුම් එක්කරමින් සමරු තිළිණයක් ද එහිදි පිරිනමනු ලැබීය.

මෙම උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (7) දින වොෂින්ටනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී පැවති අතර ඒ සඳහා විශ්වවිද්‍යාලයන් හී කුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, ආචාර්යවරුන්, තනාපතිවරුන් මෙන්ම උපාධිලාභින් සඳහා සුභපතන්නන් රැසක් ද සහභාගි වුහ. මෙහිදී එක්සත් ජනපද හමුදාවේ නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් ප්‍රධාන දේශණය පවත්වන ලදී.

Running Sneakers | Nike for Men