Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2018 12:47:48 Hours

ගෝතමී බාලිකා විද්‍යාලයේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ

කොළඹ, ගෝතමී බාලිකා විද්‍යාලයේ මෙම වසරේ ‘වර්ණ රාත්‍රිය’ සඳුදා (26) දින විද්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා එම විද්‍යාලයේ විදුහල්පතිණිය වන සුභාෂනි දෙමටගොඩ මහත්මිය, ගුරුවරුන් සහ විද්‍යාලීය ක්‍රීඩා කමිටුවේ සාමාජිකාවන් ඇතුළු කාන්තා ශිෂ්‍යභට කණ්ඩය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පාසල් සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූ මෙම වර්ණ රාත්‍රිය සඳහා සම්භාවනීය ආරාධිතයින්, දෙමාපියන් සහ සිසුවියන් විශාල පිරිසක් සහභාගි වූහ. විද්‍යාලීය බලධාරීන්ගේ ආරාධනයෙන් එහි සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සියලුදෙනාගේ අත්පොළසන් හඬ මධ්‍යයේ 2017 වර්ෂයේ ලද ක්‍රීඩා ජයග්‍රහණයන් අගයමින් ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම වර්ණ රාත්‍රිය සඳහා සහභාගි වූ සියලුදෙනා අමතමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩිකාවන් ලෙස තරුණ අවධියේදී ක්‍රීඩාව සඳහා ඇති කැපවීම ඉතා වැදගත් බවද පෙන්වාදුන්හ. කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය 1946 ජූනි මස 10 වන දින ග්ලැඩිස් පෙරේරා මහත්මියගේ නායකත්වයෙන් සිසුවියන් 15 දෙනෙකු සහ ගුරුවරුන් 8 දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ කරනු ලැබීය. short url link | Nike