Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2019 14:33:14 Hours

ගුවන් සැලසුම්වල ප්‍රමාදයක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් දිවයිනට ගෙන ඒමට ප්‍රමාදවෙයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දේහයන් ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් දිවයිනට ගෙන ඒමට ප්‍රමාදවන බව යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ කටයුතු මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහන් කරයි.

මාලි රාජ්‍යයේ දී පසුගිය ජනවාරි මස 25 වන දින සිදුවූ පිපිරීමකින් ජිවිතක්‍ෂයට පත්වූ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ 1 වන ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සැරයන් එස්.එස්. විජේකුමාර යන අයවළුන්ගේ දේහයන් පෙබරවාරි මස 02 වන දින පස්වරු 3.00 ට පමණ දිවයිනට රැගෙන ඒමට නියමිතය. affiliate link trace | New Jordans – Air Jordan 2021 Release Dates , Gov