Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2019 08:20:14 Hours

ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සුභාසිංශන පිරීනමයි

මෑතකදී යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාමගිය මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් අරුණ මුහන්දිරම් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සිකුරාදා (04) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පිරිනමන ලදී.

සිය යුද්ධ හමුදා සේවාකාලය තුල යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ඇතුළු ප්‍රධාන තනතුරු බොහෝමයක් හොබවා ඇති මේජර් ජෙනරාල් මුහන්දිරම් වසර 33 කට නොඅඩු යුද්ධ හමුදා සේවාකාලයක් සම්පූර්ණවීමෙන් පසුව 2019 ජනවාරි 5 වන දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් මුහන්දිරම් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ. ප්‍රේමතිලක විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරය සහ සම්මාන ආචාර පෙළපාලිය පිරිනැමීම ඉන් අනතුරුව සිදුවිය. පසුව, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පැමිණි මේජර් ජෙනරාල් මුහන්දිරම් විසින් එම ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

මේජර් ජෙනරාල් මුහන්දිරම් ගේ නික්මයාමේ උත්සවය නිලධාරි නිවස්නයේ පැවැති දිවා භෝජන සංග්‍රහයකින් අවසන් විය. එහිදි ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇගයුමට ලක් කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි. Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp