Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2019 18:15:27 Hours

ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකල උසස් තත්ත්වයේ නව නිවාඩු නිකේතනය විවෘත කෙරේ

අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ එම රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නවතමයෙන් ඉදිකල උසස් තත්ත්වයේ ‘King Keterian’ නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (11) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් මධ්‍යයේ විවෘත කරන ලදී.

ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි වැව් ඉස්මත්තේ ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත නව නිවාඩු නිකේතනය එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් විවෘතව පවතී.

ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස් විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, එතුමන් නව ගොඩනැගිලි සංකීර්ණයේ සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කිරීමෙන් පසුව සම්ප්‍රදායනුකූල චාරිත්‍රයක් ලෙස ‘කිරි ඉතිරවීම’ සඳහා ද එක්විය.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමාගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ සම්බන්ධීකරණයෙන් එම රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් වසරකට ආසන්න කාලයක් තුල සියලුම නිලයින්ගේ සුභසාධනය සඳහා මෙම අති නවීන නිවාඩු නිකේතන ඉදිකරන ලදී.

මෙම උත්සවයේ දී භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් එම ව්‍යාපෘතියට සහ රෙජිමේන්තු අධිපතිතුමන්ට ආශිර්වාද කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජ්‍ය සභාපති මෙන්ම ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මීය සහභාගි විය.

තවද, අති නවීන නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සවය සඳහා ගජබා රෙජිමේන්තු කවුන්සලයේ සාමාජිකයින්, ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු කාර්යමණ්ඩලය සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවූවන් සමඟ සහ ඉදිකිරීමට දායකත්වය දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සමුහ ඡායාරූපයක් කිහිපයක් ලබාගෙන විවෘත කිරීමේ උත්සවය අනාගත මතකයට එක්කරන ලදී.Nike Sneakers Store | Nike