Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2019 15:24:11 Hours

ගංවතුර සහන සේවා කටයුතුවල නිරතවූවන්ට ජනාධිපතිතුමන් ස්තුතිය පුදකරයි

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ උතුරේ ගංවතුරට ගොදුරු වූවන් සඳහා ලබා දුන් අඛණ්ඩ සුභසාධන කටයුතු වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදාව, පොළීසිය, සියලුම පළාත්වල ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය නිලධාරීන්, ස්වෙච්ඡා සංවිධාන සහ සියළුම පාර්ශවයන්ට සිය ස්තුතිය පුදකරනු ලැබු බවයි‍.

‘ඇති වු අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් උතුරේ අවතැන් වු අයගේ දේපල සහ ජිවිත හානි අඩු කිරිම මෙන්ම අවතැන් වී සිටි ජනතාව වෙනුවෙන් සුභසාධන පහසුකම් සැපයීම සඳහා ලබා දුන් අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහ අනෙකුත් රජයේ නිලධාරින් හට මාගේ‍කෘතඥතාව හා ස්තුතිය’ ජනාධිපති මාධ්‍යය නිවේදනයේ වැඩි දුරටත් සදහන්වේ. url clone | FASHION NEWS