Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2019 21:38:13 Hours

ගංවතුරෙන් විපතට පත් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන් 838 දෙනෙකු දිරීගන්වමින් දැවන්ත ඒකාබද්ධ ව්‍යාපෘතියක් මගින් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක අමාත්‍යාංශය, ආපදා කළමණාකරන අමාත්‍යංශය සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම ඒකාබද්ධව දියත් කරන ලද දැවැන්ත ගංවතුර සහනාධාර ව්‍යාපෘතියක් පසුගිය සඳුදා (7) දින කිලිනොච්චි ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැති අතර එහිදි රුපියල් මිලියන 1.6 ක පමණ වටිනාකමින් යුත් පාසල් බෑග් ඇතුළු අධ්‍යාපනික උපකරණ තොගයක් ගංවතුර බලපෑමට හසුවූ සිසුන් 838 ක් උදෙසා බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහභාගි වූ අතර ආරක්‍ෂක අමාත්‍යංශය, ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ නියෝජිතයින් විසින් දියත් කරනු ලැබු මෙම මානුෂීය ව්‍යාපෘතිය සඳහා සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.

පසුගියදා පැවැති ගංවතුර තත්ත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන් සහ සිවිල් වැසියන් දැඩි බලපෑමකට ලක්වූ අතර ආරක්‍ෂක අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මානුෂීය ව්‍යාපෘතිය සඳහා ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම අනුග්‍රාහකත්වය ලබාදුන්හ.  මෙම පරිත්‍යාගය ගංවතුරෙන් පීඩාවට පත් පාසල් සිසුන්ට ලබාදුන් විශාලතම ආධාරවලින් එකක් ද වේ. මෙම බෙදාදීමේ උත්සවය කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී. jordan Sneakers | nike fashion