Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2019 15:32:39 Hours

ගංවතුරින් පීඩාවට පත්වූ පුනරීන් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයින් වෙත පාසල් උපකරණ බෙදාදේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත පුනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයේ මග පෙන්වීම මත කුරුණෑගල ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් පිරිසක් සහ ව්‍යාපාරික සුරේෂ් සකන්දරාජා මහතා ගේ දායකත්වයෙන් ඉරිදා (6) දින ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් වූ වන්නේරිකුලම්, කිරන්චි, උර්තීරපුරම්, ශිවනගර් සහ පුදුමූරිප්පු යන ප්‍රදේශයන්හි පාසල් සිසු සිසුවියන් 112 දෙනෙකු සඳහා පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. මේ අවස්ථාව සාර්ථකව සිදුකර ගැනිම සඳහා 66 වන සේනාංකයේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් සහයෝගය ලබාදී ඇත.

මෙම අවස්ථාව පියල් කැප්පෙටිවලාන මහතාගේ සම්බන්ධිකරණයෙන් කුරුණෑගල ව්‍යාපාරික සංසඳය හා සුරේෂ් සකන්දරාජා මහතා එක්ව සිසුන් හට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ තුනක මුදලක් පිරිත්‍යාග කරනු ලැබීය.

රජයේ දම්ළ මිශ්‍ර පාසලෙහි පැවති මෙම වැඩසටහන එම පාසලේ විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය හා දෙමාපියන් ගේ සම්බන්ධතාවයෙන් යුතුව කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ගේ අධීක්‍ෂණය මත 662 බලසේනාව හා 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ බටපිරිස් එක්ව සංවිධානය කළ මෙම වැඩ සටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගිවූ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක්ද එක්විය.

සුරේෂ් සකන්දරාජා මහතා සහ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පැවති උත්සවය අවසානයේදි එහි පැමිණි පිරිස සමඟ සුහද කතාබහක ද නිරතවිය, අනතුරුව එහි පැමිණි පිරිස හා පාසල් බලධාරීන් විසින් 66 වන සේනාංකය විසින් සංවිධානය කළ මෙම වැඩසටන පිළිබඳව ඔවුන්ගේ ස්තුතිය පුද කර සිටියහ. jordan release date | adidas Yeezy Boost 350