Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2018 15:43:58 Hours

කෝපායි ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට 51 වන සේනාංකයේ භට පිරිස් විසින් ජල ව්‍යාපෘතියක්

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත 511 වන බලසේනාවට අයත් 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරි තුමන්ගේ උපදෙස් මත පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් කෝපායි ප්‍රදේශයේ ජනතාවට බවුසර් යොදාගනීමින් පානීය ජලය බෙදාහැරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

ඒ අනුව, කෝපායි ප්‍රදේශයේ පීඩාවට පත් පවුල් 1102 ක් වෙත දිනපතා ජලය බෙදාහැරීමේ කටයුතු බදාදා (12) දින සිට ආරම්භ කළහ.

යුද්ධ හමුදා භට පිරිස් කඳවුරුවල පිහිටි නල ළිං මගින් ජලය ලබාගෙන බවුසර් යොදාගනීමින් පීඩාවට පත් ජනතාවගේ පරිභෝජනය ජලය බෙදාහරිනු ලබයි. latest Running | nike air force 1 shadow , eBay