Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2018 08:44:19 Hours

කුණ්ඩසාලේ සහ දඹුල්ල යුද්ධ හමුදා කාබනික ගොවිපලවලට කුසලාන හා සහතිකපත්

කෘෂිකර්ම දෙපර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු ‘නගරයට උයන්වතු’ කෘෂිකාර්මික තරඟාවලිය සඳහා ඉදිරිපත්වූ ආයතන 1520 ක් අභිබවා යමින් තරඟාවලියේ ප්‍රථම ස්ථානය සහ තෙවන ස්ථානය හිමිකරගැනීමට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකෙයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය.

මෙම ව්‍යාපෘතිය 2007 වර්ෂයේ දී කාබනික වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ වූ අතර පළාත් කෘෂිකාර්මික බලධාරීන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ට කෘෂිකාර්මික වැඩමුළු පැවැත්වීම, කාබනික තාක්‍ෂණය සහ පොහොර ආදිය හඳුන්වාදීම මගින් කාබනික වගාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් දිරිගන්වනු ලැබීය.

මෙවර තරඟාවලියේ නුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුණ්ඩසාලේ පිහිටි 11 වන සේනාංක ගොවිපල සමත්වූ අතර මාතලේ දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය හිමිකරගැනීමට දඹුල්ල ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක ගොවිපල සමත්විය. ඒ අනුව, මෙවර තරඟාවලිය සඳහා රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පාසල්, තරු පංති හොටල් සහ තවත් ආයතන කිහිපයක් ඇතුළු තරඟ ආයතන 1520 ක් පමණ සහභාගි වූහ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීමේ උත්සවය අඟහරුවාදා (04) දින ගන්නෝරුව, පැළැටි හා ජන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. යුද්ධ හමුදා ජයග්‍රහකයින්ට සුභ පැතුම් එක් කිරීම සඳහා 11 වන සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Sport media | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ