Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2019 12:05:38 Hours

කිලිනොච්චි භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ගංවතුරෙන් අවතැන්වූ තවත් පාසල් කිහිපයක සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාගයක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් සඳුදා (07) දින තවත් පාසල් කිහිපයක සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

ඒ අනුව, ‘දෙරණ’ මාධ්‍යජාලයේ සහ ඩී.එස්.අයි පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම ව්‍යාපෘතිය යටතේ ගංවතුරෙන් විපතට පත්වූ මූර්ගානන්ද විද්‍යාලය, කොරන්කට්ටු ශාන්ත අන්තෝනි විද්‍යාලය, තඩ්ඩුවාන් කොඩ්ඩි කන්නකී අම්මාන් විද්‍යාලය, තම්පිරාසා විද්‍යාලය, මුරුසමොටෙයි රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලය, වඩ්ඩකච්චි මධ්‍ය මහා විද්‍යාලය, පෙරියකුලම් ප්‍රාථමික විද්‍යාලය සහ මයනුර් ප්‍රාථමික විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරණු ලබන සිසුන් 1063 ක් සඳහා පාසල් උපකරණ බෙදාදුන්හ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟ පෙන්වීම මත 572, 573 වන බලසේනාධිපතිවරුන් ඇතුළු 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන්, පරිත්‍යාගශීලින් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.

එමෙන්ම, අක්කරපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන කාන්තන් මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව අඟහරුවාදා (08) දින අලිමන්කඩ නාගේන්ද්‍ර විද්‍යාලයේ සහ පරන්තන් හින්දු මිශ්‍ර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 145 ක් සඳහා පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කළහ. ඒ අනුව, 573 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් පාසල් බලධාරීන් සමඟ පූර්ණ සම්බන්ධතාවයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කළහ.

මේ අතර, බෞද්ධාලෝක ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවයේ අනුග්‍රාහකත්වය ඇතිව රුපියල් ලක්‍ෂ 5 ක වටිනාකමින් යුතු පාසල් උපකරණ තොගයක් කිලිනොච්චි ප්‍රාථමික විද්‍යාලයේ සහ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 894 දෙනෙකු සඳහා බදාදා (09) දින පැවැති උත්සවයකදී බෙදාදෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ පරිත්‍යාගශීලින්ගේ පූර්ණ සහයෝගීතාව ඇතිව මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කළහ.

බෞද්ධාලෝක ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවයේ සභාපති පූජ්‍ය යටලවත්ත කුසලානන්ද නාහිමියන්ගේ සම්බන්ධීකරණය ඇතිව දකුණු තායිලන්තයේ පිහිටි ආසියානු ආරණ්‍යයේ පූජ්‍ය ෆෝ-ගුවාන් ශාන් මෙහෙනින් වහන්සේ, කැලණිය නාගානන්ද විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රත්නසිරි රත්නායක මහතා, විශ්‍රාමික පාසල් ගුරුවරයෙකු වන කේ. ජිනදාස මහතා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සංගමයේ පරිත්‍යාගශීලින් සහ බත්තරමූල්ල ප්‍රදේශයේ ධානපතින්ගේ සහයෝගය ඇතිව මෙම පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන දියත් කළහ. Sports brands | nike air force 1 shadow , eBay