Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 15:36:30 Hours

කිලිනොච්චි භට පිරිස්හි මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුලක් සඳහා ඉදිකරනු ලැබු නව නිවස භාරදෙයි

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරත්න නායක ස්වාමින් වහන්සේගේ අනුග්‍රහකත්වය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුලක් වෙනුවෙන් 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවස සඳුදා (14) දින පැවැති උත්සවයක දී එම පවුල වෙත භාරදෙන ලදී.

මාන්කුලම්, ඕලුමඩු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලකට නිවසක් නොමැති බව යුද්ධ හමුදාව වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී සිද්ධාර්ථ පදනමේ අනුග්‍රහකත්වය ඇතිව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම මත 574 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහයෝගය ඇතිව එම බලසේනාවේ භට පිරිස්හි තාක්‍ෂණික සහාය සහ ශ්‍රමදායකත්වයෙන් මෙම මානුෂිය ව්‍යාපෘතිය දියත් කළහ.

කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ඉදිකල නව නිවස හින්දු සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවකදී පවුල් සාමාජිකයින්ට භාරදෙන ලදී.

යුද්ධ හමූදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබු නව නිවස 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් නියෝජනය කරමින් 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් බුද්ධික පෙරේරා සහ 3 වන ගජබා රෙජමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් විසින් පීත්ත පටිය කපා විවෘත කරන ලදී. අනතුරුව නව නිවසේ යතුර ප්‍රතිලාභියාගේ බිරිඳ වෙත ප්‍රදානය කළහ. jordan Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases