Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2019 22:58:33 Hours

කිලිනොච්චි භටපිරිස් සුහද සාකච්ඡාවක් පවත්වයි

නාච්චිකුඩා ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ක්‍රියාකාරී සුහද සැසියක් 11 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (14) දින සංවිධානය කර තිබිණි. ඒ සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් ද සහභාගි වූහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් මෙහෙයවනු ලැබු මෙම අන්තර් ක්‍රියාකාරී සැසිවාරය සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 500 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම අන්තර් ක්‍රියාකාරී සැසිවාරයේ දී, ප්‍රදේශයේ ජනතාවගේ සමාජ ගැටළු සහ ඉඩම් ගැටළු වැනි පෞද්ගලික ගැටළු ද සාකච්ඡා කෙරිණි.

මෙම අන්තර් ක්‍රියාකාරී සැසියේදී පැන නැගුණු යම් යම් ගැටලු නිරාකරණය කිරීමට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කටයුතු කර ඇති අතර අනෙකුත් ගැටලුවලට සුදුසු විසඳුම් සෙවීමට සිවිල් බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙනුවෙන් මාණ්ඩලික නිලධාරීන්ට උපදෙස් ලබාදීමටද එහිදී ආඥාපතිතුමන් කටයුතු කර ඇත.

එමෙන්ම, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක් ද ඉකුත් සෙනසුරාදා (15) දින පවත්වන ලදී.

මෙම සුහඳ සාකච්ඡාවේදී, ග්‍රාම නිලධාරීන් විසින් ලබාදෙන ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම ප්‍රදේශවාසීන් අතර පැතිර යන කටකතා ආදිය පිළිබඳවද ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දී පැවැත්වුණු මෙම සාකාච්ඡාවේදී ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම සඳහා ක්‍රියාකාරී විධිමත් ක්‍රමවේදයක් ඇතිකිරීමට සහයෝගය ඉල්ලා සිටි අතර ආරක්‍ෂක වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා විය. affiliate tracking url | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify