Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2019 21:04:10 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් තවත් සිසුන් පිරිසකට සහ පස්සර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 190 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි ශම්මුගරත්නම් මහා විද්‍යාලය, කලවෙත්තිඩාල් නාගේශ්වර විද්‍යාලය සහ 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි කරුක්කතිවු මහා විද්‍යාලය, පරන්තන් හින්දු මහා විද්‍යාලය, කිරන්චි රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලය, වලෙයිපාඩු රෝමනූ කතෝලික විද්‍යාලය, වේරාවිල් හින්දු විද්‍යාලය ආදී පාසැල්වල අධ්‍යාපනය හදාරණ සිසුන් 533 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පාසල් බෑග් තොගයක් කොළඹ ‘නෙත්’ ගුවන් විදුලි මාධ්‍ය ජාලයේ අනුග්‍රහකත්වය ඇතිව බ්‍රහස්පතින්දා (17) දින ප්‍රදානය කළහ.

ඒ අනුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් 57 වන සේනාංක සහ 66 වන සේනාංක බලප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීන් සහ පාසල් බලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව අදාළ සිසුන් තෝරාගන්නා ලදී.

එමෙන්ම, දුෂ්කර ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් පස්සර, රානුගල්ල මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 190 ක් වෙත පාසල් උපකරණ තොගයක් බ්‍රහස්පතින්දා (17) දින ප්‍රදානය කළහ.

පරිත්‍යාගශීලින් පිරිසකගේ අනුග්‍රහකත්වය ඇතිව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ගේ සම්බන්ධීකරණයෙන් මෙම පරිත්‍යාග වැඩසහන සංවිධනය කරන ලදී.

මීට අමතරව, දකුණු පළාත් සභාව නියෝජන කරමින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් සිකුරාදා (18) දින කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් කනගම්බිගෙයිකුලම් විද්‍යාලයේ සිසුන් 303 දෙනෙකු සහ පෙර පාසල් ළමුන් 42 ක් වෙත පාසල් උපකරණ තොගයක් මෙන්ම කිලිනොච්චි, රත්නපුරම් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 107 ක් සඳහා පෝෂදායි ආහාර සහ අත්‍යවශය ද්‍රව්‍ය අඩංගු වියලි සළාක මලු තොගයක් බෙදාදෙන ලදී.

මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සංවිධානය කරන ලද අතර 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම මත 571 වන බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් පරිත්‍යාගශීලින් වෙනුවෙන් මේ සඳහා අවශ්‍ය දායකත්වය දැක්වූහ.

මෙම වැඩසටහන සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන්, පූජ්‍ය බද්දේගම සමිත හිමියන්, අජිත් රාජපක්‍ෂ මහතා, අශෝක ධනවංශ ද සිල්වා මහතා, වීරසුමන වීරසිංහ මහතා ඇතුළු පරිත්‍යාගශීලින් කණ්ඩායමක් සහභාගි වූහ. Running sports | Nike Air Force 1 , Sneakers , Ietp STORE