Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2019 13:29:45 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ‘අංගම්පොර’ සටන් කලා ගම්මානයක්

වසර 9500 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීක පාරම්පරික අංගම්පොර සටන් කලාව විශේෂයෙන් පුද්ගල ආරක්‍ෂිත සටන් කලාවක් ලෙස දේශීය වශයෙන් ප්‍රචලිතව ඇති අතර ශ්‍රී ලාංකීකයන්ට ආවේනික වූ ජ්‍යෝතීශ්‍යවේදී, භාවනානුයෝගී, වෛද්‍ය ක්‍රමෝපායන්, මනෝ විද්‍යාත්මක, මායාකාර උපායන් ආදී ගති ලක්ෂණ සහිත අංගම්පොර සටන් කලාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත හිටපු කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරිණි.

පැරණි පුරාවෘත්තයන්ට අනුගතවන පරිදි අංගම්පොර සටන් කලාව වෙනම ගම්මානයන් තුල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය තුළ අංගම්පොර සටන් කලා ගම්මානයක් ඉදිකිරීමට වත්මන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී. විජිත රවිප්‍රිය විසින් යෝජනා කර ඇත. එසේම, යුද්ධ හමුදාධිපතිතුමන් ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජකයින් ද මෙම පාරම්පරික සටන් කලාවට නැඹුරු කරමින් අවශ්‍ය පුහුණු කටයුතු සිදු කර ශ්‍රී ලාංකීය උරුමයක් ලෙස අංගම්පොර සටන් කලාව ආරක්‍ෂා කිරීම සඳහා පියවර ගනු ලැබු අතර ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිට ක්‍රියාත්මකවෙමින් පවතී. jordan Sneakers | New Releases Nike