04th January 2018 23:24:01 Hours
නව වසරේ උදාවත් සමඟ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (02) දින කිලිනොච්චියේ පිහිටි එස්.කේ. අරුච්චෝලෙයි ළමා නිවාසයේ දරුවන්ගේ විනෝදාස්වාදය පිණිස උත්සවයක් පැවැත්විණි.
මෙම වැඩසටහන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ පූර්ණ මඟපෙන්වීමෙන් 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රි ගේ අධීක්ෂණයෙන් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ළමා නිවාසයේ නේවාසික දරුවන් සහ කාර්යමණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ළමා නිවාසයේ නේවාසික ළමුන් සහ කාර්යමණ්ඩලය වෙත රසවත් දිවා ආහාරයක් ලබාදුන් අතර, ‘සුපර් හැකල්ස්’ සංගීත කණ්ඩායමේ සංගීතයට, ‘සත් රංගා’ නර්තන කණ්ඩායමේ නර්තනයෙන් සියලුදෙනා විනෝදයට පත් වුහ.
මෙම හමුව අවසානයේ දී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් තෑගි පර්සල් ද බෙදාදෙනු ලැබීය.
Buy Kicks | Air Jordan