Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2019 20:48:19 Hours

කිලිනොච්චිය ප්‍රදේශයේ තවත් පරිත්‍යාග වැඩසටහන් සහ ප්‍රජාසත්කාරක වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

ආරක්‍ෂක අමාත්‍යංශය සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව සහ යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන්, කිලිනොච්චි ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමේ මානූෂීය ව්‍යාපෘතියේ දෙවන අදියර, ජනවාරි මස 23 දින සිට 25 දින දක්වා දිනයන්හිදී ක්‍රියාවට නැංවූණි.

ඒ අනුව, දින තුනක් ආවරණය කරමින් පැවති මෙම වැඩසටහනේ දී ගංවතුරෙන් පීඩාවට පත්වූ තුනුක්කායි සහ පූනරීන් ප්‍රදේශවල පාසල් සිසුන් 2203 දෙනෙකු වෙත නව පාසල් උපකරණ බෙදාදෙන ලදී.

වන්නි අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ මෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව, 65 සහ 66 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් එම සේනාංකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය හරහා ගංවතුරෙන් විපතට පත්ව සිටින පාසල් සිසුන් හා ගම්වාසින් සඳහා වියලි සලාක පාර්සල් 5000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙන ලදි.

එමෙන්ම, තුනුක්කායි පිහිටි 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 සහ 652 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම ප්‍රදේශයේ පිහිටි ආනවිලන්දන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල සහ තේවන්පිඩ්ඩි වෙරළබඩ ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතින් දෙකක් ජනවාරි මස 26 දින සිට 28 දින දක්වා දිනයන්හිදී පවත්වන ලදී.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ. bridgemedia | New Balance 991 Footwear