Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2018 12:15:49 Hours

කිලිනොච්චියේ දී වර්ණවත් ලෙස දීපවාලි උත්සවය සමරයි

සිවිල් වැසියන් සමඟ සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දීපවාලි උත්සවයට සමගාමීව අඟහරුවාදා (06) දින ව්‍යාපෘති කිහිපයක් දියත් කරනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දීපවාලි දිනයේ දී මලයාලපුරම්, පත්තිනි අම්මාන් කෝවිල් පරිශ්‍රය සහ අවට ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදාන ව්‍යාපෘතියක් පවත්වනු ලැබීය.

එමෙන්ම, 572 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් තොට්ටඩි අම්මාන් කෝවිලේ සහ කන්නෙයි අම්මාන් කෝවිලේ පැවැති පූජා උත්සවයන් සඳහා සහභාගි වූහ.

තවද, 573 වන බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිත්ති විනයාගර් කෝවිලේ පැවැති විශේෂ පූජාවක් සඳහා ද සහභාගි වූහ. එමෙන්ම, දීපවාලි උත්සවයට සමගාමීව 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කොරන්කන්ඩු හින්දු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසහනක් දියත් කරනු ලැබීය.

මීට අමතරව, 574 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මාන්කුලම් ගණපති කෝවිලේ පැවැති ජූජාව සඳහා සහභාගි වූහ. ඒ සඳහා සිවිල් වැසියන් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු පමණ සිය සහයෝගය ලබාදීම සඳහා එක්ව සිටියහ.Sport media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals